අඩු ආදායම්ලාභීන්ට ඉදිකළ නිවාස 64න් 22ක් දේශපාලන හිතවතුන්ට බෙදලා!

July 10, 2019 at 1:18 pm | by emanisa.lk

කොළඹ මහනගර සභාව රුපියල් ලක්ෂ 2000 ක වියදමින් දරා 2016 වසරේ ඉදිකරන ලද පැරඩයිස් නිවාස යෝජනා ක්‍රමයට අයත් (ඩෝබි වත්ත) නිවාස 64 ක් අතරින් 42 ක් එම අඩු ආදායම් ලාභී පවුල් අතර බෙදා දී ඉතිරි නිවාස 22 නාගරික මන්ත්‍රීවරුන් විසින් තම හිතවතුන්ට ලබාදී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි කොළඹ මහනගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඒ අනුව නිවාස ලාභීන් 22 දෙනෙකුගේ ලැයිස්තුවක් නගරාධිපතිනිය විසින් මේ වන විට පුණ්‍ය කොමසාරිස් වෙත යවා ඔවුන් අඩු ආදායම්ලාභී ස්ථීර නිවාස නොමැති අයද යන්න පරීක්ෂා කර නිර්දේශ ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

මේ අතර එක් නාගරික මන්ත්‍රීවරියක විසින් තම ඥාතීන් හා හිතවතුන් සඳහා එම නිවාස 5 ක්ම වෙන්කර ගෙන ඇතැයි ද දැනගන්නට තිබේ.

මේ පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් මත බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා විසින් අදාළ නිවාස 22 බෙදාදීම අත්හිටුවා ඒවා ලබාදෙන්නේ කුමන පදනමක් මතද යන්න පිළිබඳව වාර්තාවක් කැඳවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස