අද හවස් කාලයේ සුළි කුණාටුවක් ගැන කාලගුණෙන් අනාවැකියක්!

April 27, 2019 at 8:26 am | by admin

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පීඩන අවපාතය අද (27) පෙ.ව 02.00 වන විට පොතුවිල් සිට ගිනිකොණ දෙසින් කි.මී 800 පමණ දුරින් උතුරු අක්ෂාංශ 4.0 ත් නැගෙනහිර දේශාංශ 88.1 ත් ආසන්නව ස්ථානගතව පවතීන බව කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පසුව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යයි බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත. බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි ඇති වේ.

මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයෙන් වයඹ දෙසට ගමන් කර අප්‍රේල් මස 30 වන විට උතුරු තමිල්නාඩු වෙරළ වෙත ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *