බුදුබව ලබන්නත් පෙරම් පිරුවා! මම අපේක්ෂකයා වෙන්න පෙරුම් පුරනවා! – සජිත් අරලිය මැදුර පාරේ සිට මහ රෑ කියයි….

September 12, 2019 at 8:09 am | by emanisa.lk

තමා උකුස්සකු හෝ රාජාලියකු නොව හොඳ ඇතකු බව ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

එජාපයෙන් අපේක්ෂකත්වය නොලැබුණහොත් සජිත් ප්‍රේමදාස උකුස්සා හෝ රාජාලියා සලකුණ යටතේ තරඟ වදින බවට පළවන සමාජමාධ්‍ය වාර්තා පිළිබඳ විමසූ අවස්ථාවේ හෙතෙම මෙසේ පැවසීය.

සාකච්ඡා දිගින් දිගටම ඇදෙන ස්වරූපයක් තමා නොදකින බවත් සියල්ල ධනාත්මක ලෙස සුබවාදී ලෙස සිදුවනු ඇති බවත් සිය විශ්වාසය යැයි ඔහු අවධාරණය කළේය.

ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙමින් කල් මැරීම ගැටලුවක් නොවන බවත් බුදු බව ලැබීමටත් පෙරුම් පිරීමට සිදු වූ බවත් ඇමතිවරයා සිහිපත් කළේය.

පසුගිය 10 වෙනිදා රාත්‍රී අගමැති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර අරලියගහ මන්දිරයෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය නැඟූ ප්‍රශ්න වෙත පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස