පාඨලී රණවක එජාපයට අරන් ලොකු තනතුරක් දෙනවා! – සජිත්

January 13, 2020 at 12:36 pm | by emanisa.lk

ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක ඉතා නුදුරේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එමෙන්ම ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක්ද ලබාදීමට කටයුතු කරන්නේ යැයි ද ඔහු පැවසීය.

පාඨලී රණවක අනාගත ලෝකයට ගැළපෙන උගත් බුද්ධිමත් පුද්ගලයෙක් බවත් තම පක්ෂයට එවන් පුද්ගලයන් විවෘත කිරීමට කාලය එළඹ ඇති බව ද ඔහු තව දුරටත් කීය.

විපක්‍ෂ නායකයා මෙම අදහස් පල කරන ලද්දේ අවිස්සාවේල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි. මෙයට කලකට පෙර ආචාර්ය නලින් ද සිල්වා පැවසුවේ පාඨලී චම්පක අවසානයේ නතර වන්නේ එජාපයේ බවය.

පාඨලී චම්පක ශ්‍රීලනිපය ප්‍රමුඛ කඳවුර සමග කාලයක් තිස්සේ දේශපාලනය කළ ද කිිසිම අවස්ථාවක එම පක්ෂයට එකතු වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස