දෙමළ ජාතික සන්ධානයේ සහායත් සජිත්ට තමයි! – මනූෂ

October 8, 2019 at 4:56 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයේ සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පවසයි.

අද (08) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එසේම ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන්ගේ සහාය සජිත් ප්‍රේමදාසට ලැබෙනු ඇති බව හෙතෙම හෙළි කළේය.

මේ වන විට තොණ්ඩමන් සමග සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවත් ඒවා ධනාත්මක බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස