ගෝඨාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය තහවුරුයි! සියලු නිල ලේඛන මෙන්න!

September 30, 2019 at 10:40 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසි බව අත්හැර ඇති බවට වන ලේඛනය අද (30) දින ප්‍රසිද්ධියට පත්කළේය.

එසේම ගෝඨාභය රාජපක්ෂ 2005 වසරේ ඇමෙරිකානු පුරවැසියෙකුව සිටියදී ලංකාවේ ද්විත්ව පුරවැසි බව ලබාදීමේ සහතිකයද එහිදි ඉදිරිපත් කරනු ලැබිණ.

එම සහතික දෙක මෙසේ ප්‍රසිද්ධියට පත් කළේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් දෙදෙනෙකු විසින් ඔහුගේ පුරවැසිභාවය පිළිබඳ වලංගුභාවය අභියෝගයට ලක්කරමින් අධිකරණයට ගිය බැවිනි.

රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාධරයන්ගේ මෙම ක්‍රියාව කිසිදු නීතිමය පදනමක් නැති ජනතාව අතර වියවුල්කාරී මානසික තත්ත්වයක් ඇති කිරීම උදෙසා ද්වේෂ සහගතව සිදු කළ ක්‍රියාවක් ලෙස විවේචනයට ලක්විය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස