මම ඇමරිකානු පුරවැසිකම ඉවත් කරගත්තා! ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයකුත් ගත්තා! – සභාවේ අත්පොළසන් මැද මහින්ද ළඟ තබා ගෙන ගෝඨා කියයි… (video)

August 23, 2019 at 8:50 am | by emanisa.lk

සිය ඇමරිකන් පුරවැසිභාවය ඉකුත් අප්‍රේල් මස 17 වැනිදා ඉවත් කර ගත් බවත්, ඒ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කළ බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (22) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවති පළාත් පාලන ආයතන සභාපතිවරුන්ගේ හමුවේදීය.

ද්විත්ව පුරවැසියෙක් ලෙස සඳහන් කර තමන්ට ලබාදී තිබූ විදෙස් ගමන් බලපත‍්‍රය අවලංගු කර ශ්‍රී ලාංකික පුරවැසියෙක් බව සඳහන් නව ගමන් බලපත‍්‍රයක් ද මේ වන විට තමන්ට නිකුත් කොට ඇතැයි ද ඔහු සඳහන් කළේය.

සිය පුරවැසිභාවය සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය ප‍්‍රචාර දිගින් දිගටම අසන්නට ලැබෙන බවත්, අධිකරණ මාර්ගයෙන් හෝ තමන්ට යම් ප‍්‍රශ්නයක් ඇති කිරීමේ උත්සාහයන් ඒ තුළ අන්තර්ගත වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ඉදිරි මැතිවරණ ව්‍යාපාරයේදී ජයග‍්‍රහණය අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින් සකස් කර ඇති හෙයින් අප විසින් කළ යුතුව ඇත්තේ වරදක් නොකිරීමට වගබලා ගැනීම යැයිද හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස