කෘත්‍යාධිකාරී මණ්ඩලය හිතවතුන්ගේ පුරවා සජිත් පරදන සැලසුම රනිල් හකුළා ගනී!

August 27, 2019 at 10:54 am | by emanisa.lk

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් 30 දෙනෙකු පත්කර ඊට පසු සජිත් පිලේ ඉල්ලීම අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල ඡන්දයක් පැවැත්වීම සඳහා කළ සැලසුම මේ වන විට හකුළා ගැනීමට රනිල් පාර්ශවය කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

මෙම සැලසුම ක්‍රියාවට නැඟීමටත් පෙර මාධ්‍ය වෙත අනාවරණය වීමත් එජාප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එම ක්‍රියාව ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් ලෙසින් හඳුන්වා දෙමින් විරෝධය පළ කිරීමත් එයට හේතුවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස