“උතුරින් හමුදාව ඉවත් කරන්න බලය බෙදන්න පුළුවන් සිංහල ඡන්දයෙන් එන නායකයෙකුට විතරයි! මම සිංහල බෞද්ධ ලයින් එක තෝරගත්තේ ඒකයි!” – සජිත් සම්බන්ධන්ට කියයි…

August 23, 2019 at 10:50 pm | by emanisa.lk

උතුරේ දෙමළ ජනතාවට බලය බෙදීම, උතුරින් හමුදාව ඉවත් කර ගැනීම වැනි කටයුතු කළ හැක්කේ සිංහල ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන නායකයකුට පමණක් බවත් තමා සිංහල බෞද්ධ ඡන්ද පදනම තෝරා ගත්තේ ඒ නිසා බවත් එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ට පවසා තිබේ.

ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ ඇමති මංගල සමරවීරගේ කොළඹ නිවසේ දී ඊයේ (22) දෙමළ ජාතික සන්ධාන නායකයා මුණ ගැසුණු අවස්ථාවේය.

තමා එළඹෙන ජනාධිපතිවරණයට අනිවාර්යෙන් තරඟ කරන හෙයින් දෙමළ ජාතික සන්ධාන සහාය තමාට ලබා දිය හැකි දැයි ඇමති සජිත් එහිදී සම්බන්ධන්ගෙන් විමසා තිබේ.

එහිදී යහපාලන ආණ්ඩුව පොරොන්දු වූ ආකාරයට දෙමළ ජනතාවට බලා බෙදා නොදුන් බවත් උතුරින් හමුදා ඉවත් නොකළ බවත් පැවසූ සම්බන්ධන් ඒ නිසා දෙමළ ජනතාව ආණ්ඩුව කෙරෙහි කළකිරී ඇතැයි පවසා ඇත.

ඇමති සජිත් තමා සිංහල බෞද්ධ ජනතාව වෙත සමීප වීමට පෙර සඳහන් කළ ආකාරයට හේතු දක්වා ඇත්තේ එහිදීය.

කෙසේ වුවද සම්බන්ධන් අනතුරුව පවසා ඇත්තේ මුලින්ම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්නා ලෙසත් අනතුරුව තම පක්ෂයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කළ හැකි බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස