ඇමති උපදේශක රොත්තට ගෝඨා තිත තබයි! මින්පසු එක උපදේශකයෙක් විතරයි!

November 25, 2019 at 5:19 pm | by emanisa.lk

කාර්ය මණ්ඩල සීමා කර වියදම් අඩු කිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්තිය මත ඇමති උපදේශකයන් ගණන එකකට සීමා කර තිබේ.

මින් පෙර පැවැති සෑම ආණ්ඩුවකදීම කැබිනට් ඇමැතිවරුන්ට උපදේශකයන් කිහිපදෙනෙක් පත්කර ගැනීමට හැකියාව ලැබිණි. ඇතැම් ඇමැතිවරු ඒ ඒ විෂයයන් අනුවද උපදේශකයන් පත් කරගෙන සිටියහ.

පසුගිය සමයේ ඇමතිවරු උපදේශකයින් විශාල ප්‍රමාණයක් නඩත්තු කළ අතර ඊට මහත් ජනතා විරෝධයක් මතුවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ පිළිබඳව අවධානය යොමුකර මෙම පියවර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස