ජනාධිපති බලකායේ උපදේශක මහ කොටියෙක්! 2002 රට වෙනුවෙන් සාම සාකච්ඡාවලට ගිහින් කොටින්ට එකතු වෙලා! වහාම අත්අඩංගුවට ගනු!

January 29, 2019 at 2:24 am | by admin

උතුරු නැගෙනහිර සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ උතුරු පළාත් උපදේශක ලෙස වැරදි කිහිපයක් සඳහා වහාම අත්අඩංගුවට ගත යුතු කොටියකු පත් කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.

“උතුරු නැගෙනහිර සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ උතුරු පළාත් උපදේශක ලෙස පත් කරලා තියෙන්නේ නීති විරෝධී කටයුතු ගණනාවක් කළ කොටි ත්‍රස්තවාදියෙක්. මොහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සේවය කරන අතරේ 2002 වසරේ දී කොටි සංවිධානය සමග සාම සාකච්ඡා කරන්න විදේශ ගතවුණා. මේ සාකච්ඡා අතරේ දි මොහු පැති මාරු කරලා කොටි පැත්තට මාරු වෙනවා. ඊට පස්සේ නෝර්වේ පදිංචි වෙනවා. 2017 දී තමයි ආපහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ.”

“ඔහු 2017 ශ්‍රී ලංකාවට පැමිණෙන විට අත්අඩංගුවට ගත යුතු වැරදි තුනක් කරලා තිබුණා. ඒ සාකච්ඡා පැවතෙන අතරතුර සතුරු පාර්ශවයට එකතු වීම, රාජ්‍ය සේවයේ යෙදී සිටිය දී නොදන්වා සේවය අත්හැර යාම, කොටි ත්‍රස්තවාදීන්ට එකතු වී ඔවුන්ට සහයෝගය ලබා දීම. නමුත් ආණ්ඩුව දඬුවම් වෙනුවට තෑගි තුනක් ලබා දෙනවා. සෙල්වින් නිග්සේසස්ට තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක තනතුර ලැබෙනවා. ඊට පස්සේ දෙමළ ජාතික සන්ධානයේ නිර්දේශය මත උතුරු නැගෙනහිර සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ උතුරු පළාත් උපදේශක තනතුර ලැබෙනවා. තව දුරටත් කොටි සුරතල් නොකර සෙල්වින් නිග්සේසස් අත්අඩංගුවට ගන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *