ලී මෝල් වඩු මඩු තහනම් කරනවා! ලී මෝල්කාරයන්ට රස්සා හොයාගන්න වසර 5ක් දෙනවා! – ජනපති

June 6, 2019 at 4:03 pm | by emanisa.lk

ගස් කැපීම සඳහා පිටරටින් මැෂින් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කරන බවත් ලී මෝල් හා වඩු මඩු ද තහනමට ලක්කරන්නට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

ගහකොළ රැක ගැනීමට නම් දම්වැල් කියත් තහනම් කළ යුතු යැයි තමන්ට කීවේ පොළොන්නරුවේ මළ ගෙදරයක ගිය අවස්ථාවක දුප්පත් ගැමියකු බවත් අමාත්‍යංශවල සිටින ඇසූ පිරූ තැන් ඇති උපදේශකයන් කිසි විටක මෙවැනි උපදේශයක් ලබා දී නොමැති බව ද සිහිපත් කළේය.

ලී මෝල් හිමියන්ට වෙනත් වෘත්තීන් සොයා ගැනීමට වසර පහක පමණ කාලයක් ලබා දෙන බව ද සිරිසේන මහතා කියා සිටියේය.

ලී බඩු නිෂ්පාදනයේ දී අවශ්‍ය වන ලී පිටරටින් ගෙන්වීමට පියවර ගන්නා බව කී ජනාධිපතිවරයා පරිසරය වෙනුවෙන් දැඩි නීති පනවා ඇති බොහෝ රටවල මේ නීති ක‍්‍රීයාත්මක වන්නේ යැයි ද කීය.

ලොව බොහෝ රටවල ලී මෝල් තහනම් බව සිහිපත් කළ ජනාධිපතිවරයා වන වගාව වැඩි කිරීමට නම් දැඩි තීරණ ගත යුතු බව සඳහන් කළේය.

ලියාපදිංචි කිරීම ආරම්භ කර සති තුනක් ගත වන විට 82000ක් දම්වැල් කියත් ලියාපදිංචියට ඉල්ලුම් කර තිබු බව ද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (6) පැවති ලෝක පරිසර දින ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස