රට පාවාදුන් ජිනීවා තානාපති වහාම කැඳවා දඬුවම් දෙන්න! කුමන්ත්‍රණය මෙහෙය වූ තිත්තවැල්ල අත්අඩංගුවට ගන්න!- එස්.බී.

March 29, 2019 at 7:13 am | by admin

ජිනීවා මානව හිමිකම් කොමිසම ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන වාර්තාවෙහි සම වගකීම දරමින් එය අත්සන් කළ ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපතිවරයා වහාම මෙරටට ගෙන්වා දඬුවම් පමුණුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක පැවසීය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ මංගල සමරවීරගේ උපදෙස් මත මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයකු වන මනෝ තිත්තවැල්ල විසින් යවන ලද ලිපියකට අනුව ජිනීවා හි ශ‍්‍රී ලංකා තානාපතිවරයා මෙසේ අත්සන් කර ඇති බව ඊයේ (28) පුංචි බොරැල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එස්. බී. දිසානායක පැවසීය.

එවැනි ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කිරීමට මනෝ තිත්තවැල්ලට කිසිදු අයිතියක් නොමැති බවත් විදේශ ඇමැතිවරයා සහ විදේශ අමාත්‍යංශ ලේකම්වරයාද, පාර්ලිමේන්තුවද, ජනාධිපතිවරයාද නොදැනුවත්ව එවැනි ගිවිසුමකට අත්සන් කරන්න තානාපතිවරයාට අයිතියක් නොමැති බවත් හෙතෙම කීවේය.

එම නිසා රට පාවාදීමක් සහ රණවිරුවන් පාවාදීමක් ලෙස සලකා වහාම මනෝ තිත්තවැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *