ඛේමාගේ කොලුව සැමරුම අදයි! ප්‍රධාන දෙසුමට සමන්තා එයි!

February 28, 2019 at 6:26 am | by admin

අමාත්‍ය මංගල සමරවීරගේ පාර්ලිමේන්තු දේශපාලන ජීවිතයට වසර 30ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුම් උළෙල අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සවස 3.00ට පැවැත්වෙයි. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අගමැති රනිල් වික්‍රමසිංහ ද සහභාගී වනු ඇත. උළෙලේ ප්‍රධාන දේශනය පවත්වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ඇමරිකානු තානාපති සමන්තා පවර්ය.

1989 මුල් වරට පාර්ලිමේන්තුවට තේරි පත්වන මංගල සමරවීර සිරිමා බණ්ඩාරනායක රජයේ ඇමතිවරයකු වූ මහානාම සමරවීර සහ මාතර නගර සභාවේ නියෝජිතවරියක වූ ඛේමා සමරවීරගේ පුත්‍රයාය. මහානාම සමරවීර මිය යන විට මංගල අවුරුදු 9ක කුඩා දරුවෙකි. ඔහු වසර තිහක කාලය තුළ විවිධ ඇමති තනතුරු දරා තිබේ.

මංගල සමරවීර ලන්ඩනයේ ශාන්ත මාර්ටිං කලා පාසලේ ඇඳුම් මෝස්තර නිර්මාණ තාක්ෂණය පිළිබඳ උපාධිධාරියකු වන අතර දේශපාලනයට පිවිසීමට පෙර ශ්‍රී ලංකා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මෝස්තර නිර්මාණ උපදේශක ලෙස ද කටයුතු කළේය.

2007 වසරේ ශ්‍රීලනිපයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවය නමින් පක්ෂයක් පිහිටුවා ගත් මංගල සමරවීර අනතුරුව එජාජපයට එකතු විය. ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා ලෙස 2015 වසරේ ජිනීවාහිදී ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවට සම අනුග්‍රහය ලබා දුන්නේ ජනාධිපති අනුමැතිය ද නොමැතිවය.

එය සිය රටට එරෙහිව සිය රටේ ද අනුග්‍රහය ඇතිව ගෙන ආ යෝජනාවක් නිසා ඊට එරෙහි වූ පාර්ශවවලට පවා නිහඬ වීමට සිදු විය. මේ වන විට ජනාධිපතිවරයා එම යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉල්ලා අස්වීමේ හැකියාව සොයන බව ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *