ජනාධිපති උපදේශක ශිරාල් සජිත්ට එක්වෙයි!

October 9, 2019 at 12:21 pm | by emanisa.lk

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ශිරාල් ලක්තිලක එම තනතුරෙන් අද (9) ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඉල්ලා අස්වීමෙන් පසු ශිරාල් ලක්තිලක නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වීම සඳහා එක්වීමට නියමිතය.

සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ රාජකාරිවලින් කොටසක් ඔහුටද පැවැරීමට මේ වන විට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස