මගේ බුද්ධියට දැනුමට ජවයට සමකරන්න කිසිවකු නෑ! කාටවත් මා එක්ක තරඟ කරලා අහලකට එන්න බෑ! – සජිත්

October 29, 2019 at 9:01 pm | by emanisa.lk

සිය හැකියාව දක්ෂතාව දැනුම මිනුම බුද්ධිය පිළිබඳ සුපිරි විශ්වාසයක් ඇතැයි එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

එසේම තමා විශ්වාස කරන ආකාරයට කිසිවකුට තමා සමග තරඟ කළ නොහැකි බව ද ඔහු පවසයි.

තමා මහන්සි වී වැඩ කරන බව කියන විට එය විහිළුවට උපහාසයට ලක් කරන්නේ එවැනි කැප කිරීමක් කිරීමට අකමැති එවැනි කැපකිරීම් කළ නොහැකි තමා අසලටවත් පැමිණිය නොහැකි අය බව හෙතෙම පවසයි.

උපකාරක පන්ති උපදේශකයන් සමග පැවති හමුවක දී ඇමතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස