ඇමති අකිල තවත් දැවෙන ගැටලුවක් විසඳයි! පාසල් කම්කරු මුරකරු නාම සේවා සහායක කරයි!

September 5, 2019 at 2:19 pm | by emanisa.lk

අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධව සේවය කරන පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු හා මුරකරුවන්ගේ නම් සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ.

මේ අනුව ඉදිරියේ දී පාසල් කම්කරුවන් සේවා සහායක යනුවෙන් ද, සනීපාරක්ෂක කම්කරුවන් සේවා සහායක (සනීපාරක්ෂක) යනුවෙන් ද මුරකරු සේවා සහායක (ආරක්ෂක) යනුවෙන් ද හඳුන්වනු ඇත.

එම තනතුරුවල 4766 දෙනෙකු සේවය කරන බව වාර්තා වෙයි. මෙම තනතුරුවලට අයඳුම් කරන පිරිස අඩුවීම මෙයට හේතුව බව පැවසෙයි. ඊට හේතුව මෙම වෘත්තීන් කම්කරු ලෙස හැඳන්වීම බව බලධාරීන්ගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස