චක්‍රලේඛ බල්ලාට දමා අකිල අලියාන්ස්ට දුන් සිසු රක්ෂණය ජනපති අවලංගු කරයි!

March 7, 2019 at 7:06 am | by admin

සිසුන් මිලියන 4.3ක් සඳහා වන සුරක්ෂා රක්ෂණ ටෙන්ඩරය අලියාන්ස් නමැති විදේශීය සමාගමකට ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විරෝධය දක්වා ඇති අතර එය අවලංගු කරන ලෙස ඊයේ (06) කැබිනට් රැස්වීමේ දී දැනුම් දී තිබේ.

මේ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීම සඳහා සාකච්ඡාවක් අද ජනාධිපති, අධ්‍යාපන ඇමති සහ අධ්‍යාපන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

අදාළ සමාගම තෝරා ගත්තේ ටෙන්ඩර් කැඳවීමෙන් බවත් ඔවුන් සිසුන්ට වරප්‍රසාද රැසක් හිමි වන බවත් දැනටමත් රක්ෂණය ක්‍රියාත්මක වන හෙයින් එය අවලංගු කළ නොහැකි බවත් ඇමති අකිල විරාජ් කාරියවසම් එහි දී පවසා තිබේ.

පසුගිය ජනවාරි මස අදාළ ටෙන්ඩරය අලියාන්ස් සමාගමට ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඒ අනුව රජයෙන් රු. බිලියන 1.8ක් එම සමාගමට ලබා දීමට තීරණය විය.

කෙසේ වුවද මෙම රක්ෂණාවරණය විදේශීය සමාගමකට ලබා දී ඇත්තේ රාජ්‍ය මුදල් පිළිබඳ අංක 04/2015 දරන චක්‍රලේඛය උල්ලංඝනය කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස