ජනාධිපතිතුමා ඓතිහාසික ටැබ් වැඩපිළිවෙළට එකඟ වුණා! ඓතිහාසික ටැබ් වැඩපිළිවෙළට එරෙහි වෙන්නේ ළිං මැඩි අඳබාලයෝ!- ඇමති අකිල

July 2, 2019 at 8:29 am | by emanisa.lk

කල් ඉකුත් වූ චින්තනයෙන් පිරි දේශපාලනඥයන්, පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනට පහර ගසමින් සිය ළිංමැඩි මානසිකත්වය හා අඳ බාල බව ප්‍රදර්ශනය කිරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව ඇමති විරාජ් කාරියවසම් සඳහන් කරයි.

විසි එක්වැනි සියවසට අදාළ අධ්‍යාපන නිපුණතා සාක්ෂාත් කර ගැනීමට හා ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියට අතිශයින් වැදගත්වන ටැබ් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතිය විවිධ අසාධාරණ විවේචන මගින් කඩා කප්පල් කිරීමට ගෙනගිය කුහක ක්‍රියාමාර්ග හේතුවෙන් එය මෙතෙක් ප්‍රමාද වූ බව හෙතෙම පවසයි.

එහෙත් වුවද ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා හා අමාත්‍ය මණ්ඩලය ටැබ් පරිගණක දියයුතු බවට ඉකුත් 25 වැනිදා ‍ඓතිහාසික තීන්දුවකට එළැඹිම අධ්‍යාපන ක්ෂේත්‍රය ලැබූ විශාල ජයග්‍රහණයක්  බව ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස