ජනපති කොමිසමේ සාක්ෂි දුන් කොමසාරිස්ට අකිලගෙන් මාරුවක්! වෘත්තීය සමිති නායකයා ගෙදර!

July 30, 2019 at 2:26 pm | by emanisa.lk

පාසල් පෙළපොත්වල අධ්‍යාපන ඇමතිවරයාගේ ඡායාරූප පළකිරීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් හිටපු ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් අයි.බී.සී.කේ. ඉලංගසිංහ අධ්‍යාපන අමාත්‍යංශයේ සංචිතයට මාරු කර ඇතැයි වාර්තා වෙයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ සේවා සැපයීම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඉලංගසිංහ මේ ආකාරයට මාරු කර ඇත්තේ විමර්ශනයක් සිදුකර චෝදනා පත්‍රයක් හෝ භාරදීමකින් තොරවය.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් තම නිලධාරියාට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශය වැඩපිළිවෙළක් ආරම්භ වී තිබූ බවත් මෙය එහි ප්‍රතිඵලයක් බවත් ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

මේ අතර සුරක්ෂා රක්ෂණය ලබා ගැනීමේ දී සිදු වූ දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණිලි කළ අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කළ උපාධිධාරී සේවා නියුක්තිකයන්ගේ වෘත්තීය එකමුතුවේ ජාතික සංවිධායක ප්‍රසාද් මලින්ද රාජපක්ෂ මේ වන විට සේවයෙන් පහ කර තිබේ. වෘත්තීය සමිති නායකයකු ලෙස මාධ්‍යයට අදහස් පළ කිරීමේ අයිතිය පැවති මොහු ද උක්ත පැමිණිල්ලට අදාළ සාක්ෂි ලබා දුන්නේ යැයි සේවයෙන් පහකර තිබේ.

නිවැරදි පරීක්ෂණයක් පැවැත්වීමට සහාය ලබා දී සිය නිර්දෝෂීභාවය සනාථ කරනු වෙනුවට අධ්‍යාපන ඇමතිවරයා සිදුකරන මෙම සේවක දඩයම තරයේ හෙළා දකින බවත් එය වහාම නතර කළ යුතු බවත් ලංකා ගුරු සංගමය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස