කාවින්දගේ බජට් තෑග්ගට මීගමුවේ මන්ත්‍රී 19න් 15ක් විරුද්ධයි!

February 11, 2019 at 6:17 am | by admin

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මීගමුවේ එජාප සංවිධායක ධුරයට පත් කිරීමට මීගමුව නගර සභාවේ එජාප මන්ත්‍රීවරු 19 අතරින් 15ක්ම එරෙහි වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී එජාපය මීගමුවෙන් ජයග්‍රහණය කරවීමට මුල් වූ රොයිස් ප්‍රනාන්දු ඉවත් කර පිටස්තරයකු පත් කිරීමට තමන් විරුද්ධ බව ඔවුන් ලිපියක් මගින් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට දන්වා ඇත.

රොයස් ප්‍රනාන්දු මීගමුව සංවිධායක වීමට පෙර ජයලත් ජයවර්ධන සහ ජෝෂප් මයිකල් පෙරේරා එහි සංවිධායක ධුරය හෙබ වුවද වසර 21ක් තුළ එම ආසනය එජාපයට දිනාගත හැකි වූයේ අවස්ථා 2කදී පමණක් බව ද ඔවුන් පෙන්වා දී තිබේ. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේ දී වැඩි ඡන්ද 29 000කින් ද මහ මැතිවරණයේ දී වැඩි ඡන්ද 31 000කින් ද මීගමුව ජය ගත්තේ එජාපය විසිනි.

එසේම පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ගම්පහ ආසන 13න් 8ක්ම එජාපය පරාජය වන විට ජයගත් ආසන 5 අතරින් ඉහළින්ම සිටියේ මීගමුව බව ද ඔවුන් පෙන්වා දෙයි. මේ ආකාරයට ආසන සංවිධාක ධුර ලබා දෙන්නේ අයවැය වරදාන ලෙස බව එජාප නාගරික මන්ත්‍රීිවරු පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *