අකිලගේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති අධ්‍යක්ෂක ISIS ප්‍රචාරණයේ! අත්අඩංගුවට ගෙන කාර්යාලයත් සීල් තබයි!

May 7, 2019 at 5:02 pm | by admin

අයි.එස්. මතවාදී පෝෂණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියට අයත් සහකාර අධ්‍යක්ෂකවරයෙකුගේ ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශ ගොඩනැගිල්ලේ කාර්යාලයකට පොලීසිය සීල් තබා ඇත.

පොලිස්පති කාර්යාලයෙන් ලබාදුන් ඉස්ලාම් ත්‍රස්තයන්ට උදව් දුන් පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනයකට අනුව නොරොච්චෝලේ පදිංචි මරික්කාර් දිල්ශාන් මුහම්මද් නමැති සහකාර අධ්‍යක්ෂවරයා නොරොච්චෝලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙනසුරාදා (04)ය.

මොහු සමාජජාල වෙබ් අඩවි ඔස්සේ අයි.එස්.අයි.එස් මතවාද පෝෂණය කිරීමේ චෝදනාවට ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය මගින් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා වෙත දන්වා එපා ඇත. මෙම සැකකාර සහකාර අධ්‍යක්ෂවරයා සමග ගන්දර පදිංචි ෂේෂාත් මොහොමඩ් නමැති අයකුද අත්අඩංගුවට ගෙන ඇත.

සහකාර අධ්‍යක්ෂවරයා යටතේ අධ්‍යාපන අමාත්‍යංශයේ හත්වැනි මහලේ ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතියට අයත් කාර්යාලය තුළ නිලධාරීන් දසදෙනෙකු පමණ සේවය කරන අතර, ඒම කාර්යාලයට ඊයේ (06) පොලීසිය පැමිණ සීල් තබා ඇත.

මෙම සැකකාර සහකාර අධ්‍යක්ෂකවරයා තාවකාලිකව පදිංචිව සිට ඇත්තේ නොරොච්චෝලේ ප්‍රදේශයේය.

තිස්ස රවින්ද්‍ර පෙරේරා / ගයෂාන් විතානආරච්චි
aruna.lk

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස