පාසල් පෙළපොත්වලින් ඇමති අකිල පුම්බන්න රු. ලක්ෂ 1560ක් පුච්චලා!

May 23, 2019 at 8:53 am | by admin

පාසල් පෙළ පොත්වලට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡායාරූපයක් සහිත ලිපියක් ඇතුළු පිටු හතරක් එක් කිරීම සඳහා රුපියල් මිලියන 156ක අමතරව මුදලක් වැයකර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා (21 දා) ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පැවසීය.

කොමිෂන් සභාවේ සභාපති, විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොමිෂන් සභාව රැස්වූ අතර එහිදී වැඩිදුරටත් සාක්‍ෂි ලබාදුන් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

“මම උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස 2018.10.26 දින පත්වූවා. ඒ වනවිටත් පෙළ පොත් ලබා නොදීමට හේතු විමසූ විට නිලධාරීන් පවසා සිටියා අකිල විරාජ් අධ්‍යාපන ඇමැතිවරයාගේ ඡායාරූපයක් සහිත ලිපියක් ඇතුළත් කිරීමට සිදුවූ නිසා ප‍්‍රමාද වූ බව නිලධාරීන් ප‍්‍රකාශ කර සිටියා.”

“කන්නන්ගර ඇමැතිවරයාගේ සිට කිසිදු ඇමැතිවරයකු එබඳු කටයුත්තක් කළේ නෑ. බවත් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගේ කාලයේදීත් එබඳු යෝජනාවක් ඉදිරිපත් වුවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එයින් සිදුවන හානිය පෙන්වා දුන්නාම එය නතර කළා.”

“පෙළ පොත් මිලියන 39 ක් මුද්‍රණය සඳහා නියෝග දී තිබුණා. එම අවස්ථාව වනවිට එයින් 80% ක් මුද්‍රණය කර තිබුණා. ඉතිරි 20% න් අධ්‍යාපන ඇමැතිවරයාගේ ලිපිය සහ තවත් කොළ 4 ක් ඉවත් කිරීමට මම නියෝග කළා. එක කොළයක් මුද්‍රණය කිරීමට රුපියලක් යනවා. ඒ අනුව එම කොළ 4 මුද්‍රණය කිරීම සඳහා රුපියල් 4 ක් වැයවන බව පැවසූ විජයදාස මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ පෙළ පොත් මිලියන 39 ය මුද්‍රණය කිරීම සඳහා අමතරව එබඳු හතර ගුණයක මුදලක් වැයවන බවයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස