අපේ සිසුන් දුර්වල ටැබ් නැති නිසා! මේ අවුරුද්දේ නම් ළමයින්ට ටැබ් දෙනවාමයි!

January 29, 2019 at 8:21 am | by admin

ඇතැම් රටවල් ඉහළ වැටුප් සඳහා පුහුණු ශ්‍රමිකයන් ඉල්ලා සිටිය ද අපට ප්‍රමාණවත් තරම් පුහුණු ශ්‍රමිකයන් නොමැති බවත් අපේ අධ්‍යාපනය ලෝකයට සාපේක්ෂව අවුරුදු දහයක් පහළොවක් පසුපසින් ඇති බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. ඒ පරතරය පියවීම සඳහා විසඳුම පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම බවත් හෙතෙම අවධාරණය කරයි.

වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ මුල් කාලයේ සිටම උසස් පෙළ පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දෙන බව ප්‍රකාශ කළ ද එය මෙතෙක් ඉටු වූයේ නැත. 2017 වසරේ ටැබ් පරිගණක ලබා දීමට ටෙන්ඩර් කැඳවූ අතර ඒ අවස්ථාවේ රජයට රුපියල් බිලියන තුනකට අධික පාඩුවක් සිදුවන ආකාරයට දූෂිත ගනුදෙනුවක් සිදුවන්නට යන බව මාධ්‍ය අනාවරණය කර තිබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස