එජාප ජනාධිපති අපේක්ෂකයා පරාජය කරන්නන කිසිවකුට බෑ! අපේක්ෂකයා තෝරන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන්!

March 25, 2019 at 6:49 pm | by admin

ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ ජයග්‍රහණය නියත බවත් තම අපේක්ෂකයා පරාජය කිරිමට වෙනත් අපේක්ෂකයෙකුට නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

පොදුජන පෙරමුණේ අපේක්ෂකයා තේරීම සිදුකරනුයේ රාජපක්ෂ පවුල විසින් බවත්, රාජපක්ෂ සමාගම හැර පොදුජන පෙරමුණට ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ හැකි වෙනත් අපේක්ෂකයෙක් නොමැති බවත් හෙතෙම පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නට කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පවතින බවත්, කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවකින් පසු සියලු දෙනාගේ කැමැත්ත පදනම් කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා තෝරාගැනෙන බවත්, එක්සත් ජාතික පක්ෂයට නායකයන් පිළිබද ප්‍රශ්නයක් නොමැති බවත් මහ ලේකම්වරයා පැවසීය.

කෙසේ වුවද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් ද එම කෘත්‍යාධිකාරී මණ්ඩලය නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ නායකයා ලෙස ද මාරුවෙන් මාරුවට තෝරා ගන්නා බවට විවේචන තිබේ. පසුගියදා එජාප පසුපෙළ සිය අපේක්ෂයා තෝරා ගැනීම කෘත්‍යාධීකාරී මණ්ඩලයට සීමා නොකළ යුතු බවත් ඒ සඳහා තමන් ද නියෝජනය විය යුතු බවත් පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස