අද රට හමුවේ ඇති විශාලතම ගැටලුව ජාතික ආරක්ෂාව බව පොහොට්ටුව තේරුම් ගත්තා! ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කළේ ඒ නිසායි! – සරත් ෆොන්සේකා

August 13, 2019 at 3:51 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලද්දේ අද වන විට රටේ ප්‍රශ්නය පොහොට්ටුවේ නායකයන් විසින් නිසි ලෙස තේරුම් ගත් නිසා බව ෆීල්ඩ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

අද වන විට රටේ ඇති ආරක්ෂාවේ ප්‍රශ්නය නිවැරදි ලෙස තේරුම් ගත් නිසා ගෝඨාභය රාජපක්ෂට එම පාර්ශවය තුළ ඉහළ ඉල්ලුමක් ආ බවද ෆොන්සේකා පැවසීය. එම පාර්ශවය සිතන ආකාරයට ඔවුනට සිටින ඒ සඳහා සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්‍ෂ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

අද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් ඇති බවත් ඒ තේරුම් ගත් නිසා ගෝටාභයට විශාල ඉල්ලුමක් පැමිණි බවත් පැවසූ ඔහු එක්සත් ජාතික පක්ෂය මෙම තත්වය තේරුම් නොගතහොත් ජනතා ආශිර්වාදය ගැනීමට නොහැකි වනු ඇතැයිද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස