අගමැති රනිල් ඇමති සජිත් කල්ලි ප්‍රසිද්ධියේ ඇනකොටා ගැනීම දිගටම! රනිල්ගේ සොහොයුරාගේ නාළිකාවෙන් මංගලට දැවැන්ත ප්‍රහාරයක්! (video)

August 22, 2019 at 10:12 pm | by emanisa.lk

බුදු දහමට අපහාස කළ මංගල සමරවීර යනු නැවත පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුතු දේශපාලකයෙක් නොවන බවට මහ සංඝ රත්නයේ සහ මහ ජනතාවගේ අදහස බව අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරු ෂාන් වික්‍රමසිංහට අයත් TNL නාළිකාව ඔස්සේ සිය ප්‍රවෘත්ති විකාශයෙන් විනාඩි 07 පමණ කාලයක් වෙන් කර පෙන්වා දීමට උත්සාහ කළේය.

එහිදී භික්ෂූන් වහන්සේලා සහ සාමාන්‍ය ජනතාව මංගල සමරවීරගේ ක්‍රියාකලාපය පිළිබඳ දැඩි විවේචනයක නිරත වෙයි. බුදු දහමට භික්ෂූන් වහන්සේලාට අපහාස කිරීම, දේශපාලන පක්ෂ විනාශ කිරීම ඇතුළු බොහෝ චෝදනා එහි දී නැඟිණි.

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ජාතික භික්ෂූ පෙරමුණේ ලේකම් තීනියාවල පාලිත හිමියන් මාධ්‍ය හමුවක් පවත්වා නැඟූ චෝදනාවලට සිය ප්‍රවෘත්ති විකාශවල අවස්ථාවක් දුන්නේ යැයි දෙරණ සහ හිරු නාළිකාවලට විරුද්ධව නඩු මඟට යන බව කී මංගල සමරවීර පසුගිය වර මෙන්ම මෙවර ද TNL නාළිකාවට එරෙහිව කිසිදු නෛතික පියරවක් ගැනීමට කටයුතු නොකිරීම පුදුම සහගතය.

මෙම ප්‍රහාරය එල්ල වන්නේ තවත් දින කිහිපයකින් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා බවට පත්කිරීම උදෙසා ජනරැලියක් පැවැත්වීමට කටයුතු කරමින් ඇති පසුබිමකය. අගෝස්තු 23 වෙනිදා පැවැත්වෙන එම ජනරැලිය සංවිධානය කරන්නේ මංගල සමරවීර විසිනි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස