ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් සිය ආදායමින් රු. බිලියන 600ක් අහිමි කරගෙන ණය සීමාව ඉහළ නැංවීමට කළ යෝජනාවට තමන් විරුද්ධ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
අයවැයක් ඉදිරිපත් කරන්නේ නම් අත්දෙකම ඔසවා සහාය ලබා දෙන බව තමන් කීවත් ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් නොකළ බවත් හෙතෙමෙ පවසයි.
මේ වන විට සඟ වෙද ගුරු ගොවි කම්කරු බලවේගය වන ශ්‍රීලනිපය පොහොට්ටුවේ යකඩ සපත්තුවට යට වී ඇති බවත් එම පිරිසට තමන් සමග එකතු වන ලෙස ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා පවසයි.
මැද කොළඹ පැවති ජනහමුකට එකතු වෙමින් ඊයේ (24) හෙතෙම මේ බව සඳහන් කළේය.