මහ ලේකම් සටනින් රනිල් පිල සජිත් පිල ජය ගනී! නවීන් පරදා මද්දුමබණ්ඩාර මහ ලේකම් ධුරයට!

February 5, 2020 at 4:47 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය සහ සෙසු පක්ෂ ගණනාවක් එකතු වී ගොඩනැඟීමට සූදානම් වන දේශපාලන සන්ධානේය මහ ලේකම් ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පත්ව තිබේ.

මේ සඳහා රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය නවීන් දිසානායක යෝජනා කරන බව සඳහන් වුවද අවසානයේ සජිත් පිලේ ප්‍රබලයකු වන රංජිත් මද්දුමබණ්ඩාර අදාළ ධුරයට පත්කිරීමට තීන්දු කර ඇත.

ඉදිරි දින කිහිපය තුළ එක්සත් ජාතික පෙරමුණු සන්ධානය ගොඩනැඟීමේ කටයුතු අවසන් කිරීමට දැනටමත් සැලසුම් කර ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස