සජිත් ඉල්ලන පෙත්සමට මන්ත්‍රීවරු 55ක් අත්සන් තබයි! එජාප මන්ත්‍රී 2/3ක් රනිල්ට එරෙහි වෙයි! අත්සන් තැබූ සහ නොතැබු අය මෙන්න!

August 20, 2019 at 12:14 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එජාප කඳවුරේ අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ එජාප මන්ත්‍රී කණ්ඩායම කැඳවා ඡන්දයක් පවත්වා බහුතර කැමැත්ත අනුව තීන්දුවක් ගන්නා ලෙස පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවා ඇත.

මෙම ලිපිය සඳහා එජාප මන්ත්‍රීවරු 77 අතුරින් 55 දෙනෙකු අත්සන් කර තිබේ. අදාළ ලිපිය ඊයේ (19) එජාප සභාපකි කබීර් හෂීම් සහ රංජිත් මද්දුමබණ්ඩාර විසින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත භාර දී තිබේ. මේ අනුව පක්ෂයේ මන්ත්‍රීවරුන් 2/3ක් පමණ අදාළ තීන්දුව සමග සිටින බව තහවුරු වෙයි.

එම ලිපියට අත්සන් කර නොමැති මන්ත්‍රී පිරිස 22කි. ඔවුන් අතර අඛිල විරාජ් කාරියවසම්, නවින් දිසානායක, රවී කරුණානායක, වජිර අබේවර්ධන, ජෝන් අමරතුංග, තිලක් මාරපන, සාගල රත්නායක, සරත් ෆොන්සේකා, ඩී.එම්. ස්වාමිනාදන්, සිරිනාල් ද මෙල් ආදී රනිල් හිතවාදී මන්ත්‍රීවරු ඊට අත්සන් කිරීම එකහෙළා ප්‍රතික්ෂේප කළ අතර සෙසු පිරිස මේ අවස්ථාවේ ඊට අත්සන් කිරීමට අදිමදි කරමින් දෙපාර්ශවයම සැනසීමට උත්සාහ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස