සජිත් එජාප ජනපති අපේක්ෂක විය යුතුයි! පළාත් පාලන නියෝජිතයෝ යෝජනා සම්මත කරති!

September 8, 2019 at 9:00 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කිරීමට එම පක්ෂ පළාත් පාලන නියෝජිතයින් ඊයේ (07) යෝජනාවක් සම්මත කරගනු ලැබිය.

ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සජිත් සමග නව ශ්‍රී ලංකාවක් නම් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිත සමුළුවේදීය.

එම හමුවට රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, හරීන් ප්‍රනාන්දු සහ චන්ද්‍රානි බණ්ඩාර යන ඇමතිවරුන් මෙන්ම පක්ෂයේ මහජන නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වූ බව වාර්තා වෙයි.

මෙම සමුළුවේ දී සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට වන යෝජනාව සභාගත කර ඊට පක්ෂ අයට අත ඔසවන ලෙස පැවසූ අවස්ථාවේ බහුතරය අත් ඔසවන විට ඇතැමකු සිය අසුනේ වාඩි වී අත ඔසවන්නේ නැතිව සිටි අයුරු ද දැකිය හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස