සජිත් පිල අන්දමන්ද කරමින් රවී එළවන සටනට සජිත් එරෙහි වෙයි!

December 28, 2019 at 9:28 am | by emanisa.lk

එජාප උප නායක රවී කරුණානායක එම ධුරයෙන් පහකළ යුතු බවට සජිත් පාර්ශවයේ පිරිසක් ගෙන ආ යෝජනාවකට සජිත් ප්‍රේමදාස එරෙහි වී තිබේ.

පසුගියදා රංජිත් මද්දුමබණ්ඩාරගේ නිවසේ පැවති හමුවකදී මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර ඊට එරෙහි වෙමින් සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ තමන් එජාප නායකත්වයට පත් වුවද සිදුකරන්නේ සියලු දෙනා එක්ව ඉදිරියට ගමන් කිරීම විනා එකිනෙකා තනතුරුවලින් පහ කිරීම නොවන බවය.

පසුගිය කාලයේ නයි මුගටි මෙන් කටයුතු කළ සජිත් ප්‍රේමදාස සහ රවී කරුණානායක අතර ගොඩනැඟී ඇති මෙම අලුත් මිතුරුකම සජිත් පාර්ශවයේ පුදුමයට ද භීතියට හේතු වී ඇති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස