මම ජනාධිපති වුණාම මන්දිරවලට යන්නේ නෑ! මම ඉන්නේ ඔබලත් සමග මහ පාරේ ! – සජිත්

September 8, 2019 at 10:57 am | by emanisa.lk

එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට සමහරු කෙතරම් තැටමුව ද තමා ඉදිරියට තැබූ පය අඩියක් නොව සෙන්ටි මීටරයක් පස්සට නොගන්නා බවත් අපේක්ෂක සටන අත්නොහරින බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (07) පස්වරුවේ කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති එජාප පළාත් පාලන නියෝජිත සමුළුවේදීය.

එම හමුවට කැබිනට් අමාත්‍යවරුන් අතරින් රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, හරීන් ප්‍රනාන්දු සහ චන්ද්‍රානි බණ්ඩාර පමණක් සහභාගී වී සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

“දැන් එක එක කටකතා යනවා අද අගමැති වෙනවා හෙට අගමැති වෙනවා කියලා. පස්සා දොරෙන් අගමැතිකම ගන්න තරම් මම දේශපාලන අවජාතකයෙක් නෙවෙයි.

මම යන්න ඕනෙ තැනට යන්නේ ජනතාවගේ කර පිටින්. හැබැයි ඉහළම තැනට ගියාම ඔබලාට මාව නුවර රජගෙදරදි හමුවෙන්න බෑ. නුවර එළියේ, කොළඹ ජනාධිපති මන්දිරයේ දී මාව හමුවෙන්න බෑ. මම ඉන්නේ මහපාරේ ඔබලාත් සමඟ.

මා කැටුව එන්නේ එජාපයේ අගමැතිවරයෙක්. අගමැතිකම බන්දේසියක තබා දෙන විටත් මම ප්‍රතික්ශේප කළා. ඒ නායකයාට, පක්ෂයට තියෙන ගරුත්වය නිසා.

කොච්චර තැටමුවත්, මේ තීන්දු තීරණ ගන්න එක කොච්චර පස්සට දැම්මත් සජිත් ප්‍රේමදාස අඩියක් නෙවේ මිලි මීටරයක්වත් පස්සට යන්නේ නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස