හොර සල්ලි අච්චු ගැහුවේ යූඇන්පීකාරයෙක් තමයි! නමුත් මගේ සේවකයෙක් නෙමෙයි! – රංජිත් මද්දුමබණ්ඩාර (video)

January 31, 2020 at 10:05 pm | by emanisa.lk

සිය කාර්යාලයේ උපකරණ භාවිතයෙන් හොර සල්ලි අච්චු ගසා ඇත්තේ තම කාර්යාලයට නිතර යන එන එජාප පාක්ෂිකයකු මිස තම සේවකයකු නොවන බව හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

තම කාර්යාලය ඕනෑම අයකුට විවෘත බවත් එහි ස්ථිර සේවකයන් ද සිටින නමුත් ඔවුන් මෙම සිද්ධිය දැක නොමැති බවත් මන්ත්‍රීවරයා පවසයි.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා වෙනුවෙන් තමා පෙනී නොසිටින බවත් වරදට දඬුවම් ලැබිය යුතු බවත් හෙතෙම පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස