මදූෂ් ඇල්ලුවේ අපි! අල්ලපු විදිය රහසක්! – ඇමති රංජිත් මද්දුමබණ්ඩාර

February 7, 2019 at 8:24 am | by admin

පාතාළ කටයුතු සහ මිනි මැරුම් සඳහා සම්බන්ධ වූ මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට ගත හැකි වූයේ පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය කාලයක් තිස්සේ කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස බවත් ඒ මෙහෙයුම් පිළිබඳ රහස් තමා හෙළි නොකරන බවත් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාම පවසයි.

කෙසේ වුවද පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා ප්‍රකාශ කළේ අපරාධකරුවකු අත්අඩංගුවට ගත් රටේ නීතිය අනුව ඔහුට දඬුවම් ලබා දිය යුතු බවය. එහිදී මෙම මෙහෙයමු කළේ ලංකා පොලිසිය බව ප්‍රකාශ නොවිණි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන ප්‍රකාශ කළේ ඩුබායි පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම කළ බවත් ඒ පිළිබඳ මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බවත්ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *