හිටපු හමුදාපති මහේෂ් සේනානායක එජාපයෙන් මහ මැතිවරණයට තරඟ වැදීමට සූදානම් බව වාර්තා වෙයි.
ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත ඔහු සිය මහ මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කරනු ඇත.
පසුගිය ජනාධිපතිවරණයට ද තරඟ කළ මහේෂ් සේනානායක අනතුරුව ඇමරිකානු සමාගමක සේවය කිරීම සඳහා පවුල පිටින් විදෙස්ගත විය.
ඔහු ජනාධිපතිවරණයට තරඟ වැදුණේ ද එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරාගේ ජාතික ජනතා පක්ෂයෙනි. ප්‍රචාරණ කටයුතු සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වූයේ සර්වෝදය, දේශෝදය වැනි රාජ්‍ය නොවන සංවිධානය.
Copyright © 2024 emanisa.lk