නැඟෙනහිර ඉස්ලාම් ත්‍රස්ත බලකොටුවේ මුස්ලිම් පල්ලි පරික්ෂා කිරීමට හමුදාවට ඉඩ දුන්නේ නෑ! – හමුදාපති ආණ්ඩුවේ සිළුමිණට ම කියයි…

May 6, 2019 at 11:31 am | by admin

මන්නාරම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙක් අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න යැයි තමන්ට දුරකතනයෙන් අමතා පැවසූ බවත් තමන් ඔහුට අවුරුදු එකහමාරකින් කතා කරන ලෙස දැනුම් දුන් බවත් යුද හමුදාපති මහේෂ් සේනානායක පවසයි. ත්‍රස්තවාදී සැකකරුවෙක් අවුරුදු එකහමාරක් රිමාන්ඩ් භාරයේ තැබිය හැකි බවත් හෙතෙම පැවසීය.

අන්තවාදීන් ආගමික ස්ථානවල රැකවරණය ලබන බවට තොරතුරු ඇති බවත් නැඟෙනහිර පළාතේ මුස්ලිම් පරික්ෂා කිරීමට හමුදාවට පොලිසියට ඉඩ නොදුන් බවත් හෙතෙම පැවසීය.

බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම නිසා සෙසු නිලධාරීන් අධෛර්යට පත්ව ඇති බවත් තමන් නිකන් බෙල්ල දෙන්නේ කුමට ද යන හැඟීම ඔවුන් තුළ මතුව ඇති බවත් හමුදාපතිවරයා පෙන්වා දෙයි. හමුදාවකට රාමුවක් තුළ වැඩ කළ හැකි වුවද බුද්ධි අංශවලට එවැනි සීමා තුළ වැඩ කළ නොහැකි බව ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *