සයිබර් ප්‍රහාරය එල්ල කළේ කොටින්ගේ සයිබර් බලකාය! හමුදාපතිට අභියෝග කිරීම ඉලක්කයයි!

May 20, 2019 at 7:56 am | by admin

මෙරට වෙබ් අඩවි ගණනාවකට එල්ල කර ඇති සයිබර් ප‍්‍රහාරය ගැන ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල කොට එම වෙබ් අඩවි වල හැඩරුව හා එම වෙබ් අඩවි වල අඩංගු දත්ත වෙනස් කිරීමටත්, යම් වෙබ් අඩවි ප්‍රමාණයක් අඩපණ කිරිමත් Tamil Eelam Cyber Force යන කණ්ඩායමට හැකිවී ඇතැයි දැනගන්නට ලැබේ.

ඊයේ දිනයේදී දියත්වූ සයිබර් ප්‍රහාරයේ මුලික අරමුණ වී ඇත්තේ “ශ්‍රී ලංකාව සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමට 2018 වසරේ අග භාගයේදී නව හමුදා ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව” කමාන්ඩර් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශය අභියෝගයට ලක් කිරීමට බව අනාවරණය වී ඇත.

මෙලෙස සයිබර් ප්‍රහාර මාලවල් 2014 වසරේ සිට මෙම කණ්ඩායම විසින් සිදුකරන බව අනාවරණය වී ඇති අතර පසුගිය 2017 සහ 2018 යන වර්ෂවලදී එම සයිබර් ප්‍රහාරවල වර්ධයනක් දැකගැනීමට හැකිය.

බොහෝවිට මෙම සයිබර් ප්‍රහාරවලින් වැළකි සිටීමට අදාළ අංශවලින් නිසි පියවර ලබා නොගැනීම නිසා ඉතා පහසුවෙන්ම මෙම සයිබර් ප්‍රහාර එල්ල කිරීමට Tamil Eelam Cyber Force යන කණ්ඩායම පෙළඹී ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වෙත දැනගන්නට ලැබේ.

තවද මෙලෙස සයිබර් ප්‍රහාරවලට ගොදුරු වුණු වෙබ් අඩවි ප්‍රමාණය 55ක් වන බව මේ වන විට වාර්තා වන බවත් මෙම සයිබර් ප්‍රහාර කණ්ඩායම එම වෙබ් අඩවිවල අඩංගු දත්ත වෙනස් කොට ඔවුන්ගේ පණිවිඩයක් එක්කොට තිබුණු අතර ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාද සිදු කළා යන්න හැඟවිමට ඡායාරූප කිහිපයකුත් එම වෙබ් අඩවිවලට එක් කොට ඔවුන්ගේ ගීතයක්ද වෙබ් අඩවියේ වාදනය කළ හැකි ආකාරයට එක්කොට තිබිණි.

මෙලෙස සයිබර් ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි අතර කුවේට්, චීන තානාපති කාර්යාල වෙබ් අඩවි මෙන්ම විශ්වවිද්‍යාල වෙබ් අඩවිද ඇතුළත් බව නිරීක්ෂණය කිරීමේදී දැකගැනීමට හැකිවිය.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *