බිම වැටුණු තුවක්කු අහුලගෙන රඟපෑම නතර කරන්න! පරණ කඩු ඇතුළු ආයුධ දැක්කාට බයවෙන්න එපා!- හමුදාපති

May 10, 2019 at 2:25 pm | by admin

සෝදිසි මෙහෙයුම්වලදී හමුවන කඩු සහ වෙනත් තියුණු ආයුධ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉල්ලා සිටියි.

හමුවන බොහෝ කඩු පෞරාණික හා මළකඩ කෑ ඒවා බවත් ලාංකික නිවෙස්වල කඩු හෝ වෙනත් තියුණු ආයුධ තිබීම පුදුමයක් නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

ලාංකිකයන් විජය රජුගේ යුගයේ සිටම කඩුවලින් සටන් කළ ජාතියක් බවත් එසේ තිබියදී ඇතැම් මාධ්‍ය මෙම කඩු සහ තියුණු ආයුධ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ ලන්දේසී සටන වාර්තා කරන්නා සේ ජනතාව බිය ගන්වමින් බවත් හෙතෙම පැවසීය.

ජතික තවුහිද් ජමාත් සංවිධානයට අදාළව මේ දක්වා හමුවී ඇත්තේ ටී 56 ගිනි අවි 01 පමණක් බවත් හමුදාපතිවරයා සඳහන් කළේය. එබැවින් බිම වැටී තිබෙන අජීවී පතරොම් හෝ බෝර 12 ගිනි අවියක් පෙන්වමින් සිදුකරන රඟපෑම් නවත්වන ලෙස යුධ හමුදාපතිවරයා මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස