පක්ෂ අභ්‍යන්තර අර්බුදයක්! මහේෂ් සේනානායක තරඟයටම පෙරම දැවී යයි!

October 4, 2019 at 6:48 am | by emanisa.lk

ජාතික ජනතා පක්ෂයේ විදුලි බුබුල යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජාතික ජනතා ව්‍යාපාරය නියෝජනය කරන හිටපු හමුදාපති මහේෂ් සේනානායකගේ අපේක්ෂකත්වය අහිමි වී අවධානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.

ඒ ජාතික ජනතා පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව එහි විධායක කාරක සභාවේ සභිකයන් දහ දෙනෙකු පසුගිය මාසය ඇතුළත ඉවත් කිරීම නිසා ඇති වූ අර්බුදයක් නිසාය. එම පක්ෂ ව්‍යවස්ථාවේ 4-5 වගන්ති අනුව මෙවැනි වෙනස්කමක් සිදු කිරීම සඳහා පක්ෂයේ ජාතික සම්මේලනය කැඳවීම සහ සමස්ත ලංකා කාරක සභාවක් කැඳවිය යුතු වුවත් එවැන්නක් සිදුව නැත.

මේ අනුව මහේෂ් සේනානායක එම පක්ෂයේ අපේක්ෂකයා ලෙස තෝරා ගැනීම නිත්‍යානුකූල ක්‍රියාවක් නොවීමටත් එහෙයින් ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වීමටත් අවධානමක් ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.

එපමණක් නොව හිටපු හමුදාපතිවරයා තරඟ කිරීමට සූදානම් වන ජාතික ජනතා පක්ෂයේ නායකත්වය දරන්නේ එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරාය.

ජාතික ජනතා පක්ෂයේ මහ ලේකම් ගාමිණි නන්ද ගුණවර්ධන එට්කා විරෝධී සටන ඇමති මලික් සමරවික්‍රමට පාවා දීමට උත්සාහ කළ අයකු බවට වෘත්තිකයෝ චෝදනා කරති.

මහේෂ් සේනානායකගේ මැතිවරණ ව්‍යපාරය මෙහෙයවන්නේ සර්වෝදය ව්‍යාපාරයට අනුබද්ධ දේශෝදය ව්‍යාපාරයයි. මෙය වාර්ෂිකව ඇමරිකාවෙන් ඇ. ඩො. මිලියන 100ක් පමණ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානයකි.

මහේෂ් සේනානායක 2010 වසරේ ශ්‍රී හමුදාවෙන් ඉවත් වී ඇමරිකානු හමුදාවට බැඳී වසර 05ක් පමණ මාසිකව රු. ලක්ෂ 15ක පමණ වැටුපකට ඉරාකය, ඇෆ්ගනිස්ථානය සහ සෞදි අරාබිය යන රටවල මෙහෙයුම්වලට දායක වූවෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස