අනාරක්ෂිත අස්ථාවර රටේ ජනතාවට යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය එපා වෙයි! පාලකයන් පන්නා රට භාරගන්නැයි හමුදාවට ඉල්ලීම්! හමුදාපති ප්‍රතිචාරය මෙන්න!

May 27, 2019 at 8:21 am | by admin

කෙටි කලකට හෝ රටේ පාලන බලය ලබාගන්නා ලෙසට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවත් ඊට තමන් ප‍්‍රතිචාර දක්වා ඇති බවටත් සමාජ මාධ්‍යයන්හි පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.

ශ‍්‍රී ලංකා යුද හමුදාව යනු වෘත්තීය විනය ගරුක හමුදාවක් බවත් කිසිදු නීත්‍යානුකූල නොවන කටයුත්තකට යුද හමුදාව සම්බන්ධ නොවන බවත් ඔහු අවධාරණය කරයි.

රටේ ජනතාව යුද හමුදාව පිළිගෙන ඇති බවත් ජනතාවගේත් රටේත් ආරක්ෂාව සැපයීම යුද හමුදාවේ ප‍්‍රමුඛ වගකීම බවත් හමුදාපතිවරයා පෙන්වා දෙයි.

ශ‍්‍රී ලංකා යුද හමුදාව, සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාගේ නියෝග අනුව රටෙහි ව්‍යවස්ථාවට ගරු කරමින් කටයුතු කරන බවත් සේනාධිනායකයාට හෝ ව්‍යවස්ථාවට කිසිදු විටෙක එරෙහිව කටයුතු නොකරන බවත් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස