ජාතික අපේක්ෂකයා අපි ගේනවා! – ජාතික ජනතා ව්‍යාපාරය කියයි…දේශපාලන ක්‍රමය වෙනස් කරන්න සහාය වෙන්න මම ලෑස්තියි! – ජනාධිපති අපේක්ෂක කසුකුස මැද හිටපු හමුදාපති පවසයි…

September 20, 2019 at 1:07 pm | by emanisa.lk

ජනපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙසින් හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක ඉදිරිපත් කිරීමට ජාතික ජනතා ව්‍යාපාරය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

ජාතික ජනතා ව්‍යාපාරය විද්වතුන් පිරිසක් එකතු වී නිර්මාණය කර ඇති අතර රට තුළ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අරමුණින් ඔවුහු කටයුතු කරති.

රටට නායකත්වයක් ලබාදීමට සුදුසු පුද්ගලයන් පිළිබඳ ජාතික ජනතා ව්‍යාපාරය තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර දේශපාලඥයෙකු නොවන පුද්ගලයෙකු ලෙස හිටපු හමුදාපතිවරයා ජනාධිපති අපෙක්ෂකයෙකු ලෙස ගෙන ඒමේ වාසි අවාසි පිළිබඳවද මෙහිදි සාකච්ඡා වී තිබේ.

මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වන්නේදැයි යනුවෙන් හිටපු යුද හමුදාපතිවරයාගෙන් විමසූ විට ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.

“මම තවම එවැනි තීරණයක් අරගෙන නෑ. කොහොම නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒක විසදේවි. රටේ වෙනසක් සිදුවිය යුතුයි. දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතුයි. ඒවාට සාහාය දෙන්න මම ලෑස්තියි. නමුත් මම ජනාධිපතිවරණයට ඉදිරිපත්විමට මෙතෙක් තීරණයක් ගෙන නෑ.”

මේ අතර ජාතික ජනතා ව්‍යාපාරය ද මුළු මහත් දේශයම අපේක්ෂා කරන ජාතික අපේක්ෂකයා සැප්තැම්බර් 29 වන දින ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරයි. මේ වන විට ජාතික අපේක්ෂකයා යන තේමාව යටතේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති පසුබිමක මේ උත්සාහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද කැඩීම සඳහා බවට සමාජමාධ්‍යවල අදහස් පළවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස