සිංහල ඡන්ද කඩන්න මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට! NGO සහ ඇමරිකානු අතහිත!

September 23, 2019 at 9:22 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂට ලැබෙන දේශමාමක ඡන්ද සිංහල ඡන්ද කැඩීම සඳහා හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ කුමන්ත්‍රණයක් ද දියත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ඒ ජනාධිපතිවරණ නාම යෝජනා භාර දීමට පෙර කුමක් හෝ නඩුවක පටලවා ගෝඨාභය රාජපක්ෂ සිරගත කිරීමේ කුමන්ත්‍රණයක් ද දියත් කර ඇති පසුබිමක බව හෙතෙම සඳහන් කළේය.

මේ පිටුපස සිටින්නේ ඇමරිකානු රාජ්‍ය ආධාර ලබන ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන සංවිධානයක් වන සර්වෝදය බව ද මෙහි අරමුණ ගෝඨාභය රාජපක්ෂට වැටෙන ඡන්ද ප්‍රමාණය කැබලිවලට කඩා නැවතත් වර්තමාන පරගැති පාලනය ජයග්‍රහණය කරවීම බවත් හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස