විදෙස් සංචාරකයන්ට අගමැතිගෙන් සහ හමුදාපතිගෙන් පණිවිඩ දෙකක්..

May 3, 2019 at 9:36 pm | by admin

පසුගිය 21 වෙනිදා ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය නිසා ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල විය. විශේෂයෙන් අගනුවර සුපිරි හොටෙල් තුනක් ද ප්‍රහාරයට ඉලක්ක වීමත් එමගින් සංචාරකයන් 40කට අධික පිරිසක් මිය යාමත් ඊ හේතු විය. පසුගිය කොටි ත්‍රස්තවාදය කාලයෙහි පවා මේ ආකාරයට සංචාරකයන් ත්‍රස්ත ඉලක්කයක් බවට පත්වූයේ නැත. මේ නිසා සංචාරකයන් 70%ක් පමණ සිය ශ්‍රී ලංකා චාරිකා අවලංගු කර ඇතැයි සංචාරක කටයුතු ඇමති ජෝන් අමරතුංග පවසා තිබිණි.

මේ අතර විදෙස් මාධ්‍යවේදීන් ඒ පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහ සහ යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගෙන් ද අදහස් විමසීය. එහි දී දෙදෙනා ලබා දුන් පණිවිඩ මෙසේය.

විදෙස් මාධ්‍යවේදියා –
සංචාරකයින්ට ඔබේ රටට එන්න කියා ඔබ ආරාධනා කරනවාද?

අගමැතිවරයා –
ඒක ඔවුන්ගෙ වැඩක්. ඔවුන්ගේ රටවල්වලින් දැනුම්වත් කර ඇති ආකාරයට කරන්න.

——————————————————————

විදෙස් මාධ්‍යවේදියා –
සංචාරකයින්ට ඔබේ රටට එන්න කියා ඔබ ආරාධනා කරනවද ?

යුධ හමුදාපතිවරයා –
ලංකාව මීට කලින් මීට වඩා දරුණු දේවලවලට මුහුණ දීල තියෙනවා. නැවත රට තුළ ප්‍රචණ්ඩත්වයක් හෝ ජන වාර්ගික කැරළි ඇති නොවීමට ආරක්ෂක අංශ යොදවල තියෙන්නෙ. සංචාරකයින්ට මම කියනවා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ගැන විශ්වාසය තියලා ලංකාවට එන්න කියලා…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස