විල්පත්තුවේ රුක් රෝපණ වැඩසටහනක් අද!

May 18, 2019 at 9:32 am | by admin

ජාතික රණවිරු දිනයට සමගාමීව අද (18) විල්පත්තුව මරිච්චකඩ්ඩු ප්‍රදේශයේදී රුක් රෝපණ ව්‍යාපෘතිය සංවිධානය කර තිබේ. මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක සහභාගී වනු ඇත.

එයට සමගාමීව පාලසෝතිකන්ඩාල්, කරාඩික්කූලී සහ ශ්‍රීනාත් නගර් යන ප්‍රදේශයන්හි ද රුක් රෝපණ කටයුතු කිරීමට නියමිතය. විල්පත්තුව වන උද්‍යානයේ නැවත රුක් රෝපණය කිරිම සඳහා උනන්දුවක් දක්වන මහ ජනතාවට මේ සඳහා ආරාධනා කරනු ලැබේ.

මෙම කටයුත්ත සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව සහ දෙරණ නාළිකාවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස