මට විපක්ෂ නායක වෙන්න හදිසියක් නෑ! මං වටේ ඉන්න අයට තමා හදිසිය! – සජිත් රනිල්ට කියයි….

December 1, 2019 at 1:23 pm | by emanisa.lk

තමන් විපක්ෂ නායක ධූරය ලබා ගැනීමට එතරම් හදිසියක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සඳහන් කර ඇත.

කෙසේ වෙතත් එය තනතුර ලබා ගන්නා ලෙසට තමන් වටා සිටින විවිධ පාර්ශවයන් බල කරන බව ඔහු විසින් පෙන්වා දී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග පැවැති සාකච්ඡාවකදී ඔහු විසින් මේ බව සඳහන් කර තිබේ.

ජනාධිපති අපේක්ෂකයා වීමට ද තමන්ට උවමනාවක් නොතිබුණු බවත් බිම් මට්ටමේ නායකයන්ගේ ඉල්ලීම වෙනුවෙන් තමා ඉදිරිපත් වූ බවත් මෙයට පෙර සජිත් ප්‍රේමදාස සඳහන් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස