එජාපය පරාද වුණේ බෞද්ධ විරෝධි වූ නිසයි! අපි ඒ වරද හදාගෙන ඊළඟ ඡන්දෙට එනවා! – අකිල

November 26, 2019 at 11:18 am | by emanisa.lk

මහා සංඝරත්නයට අපහාස කිරීම බෞද්ධ සංස්කෘතියට ප්‍රමුඛත්වය නොදීම යන කාරණා හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට පත්වූ බවත් ඉදිරියට බෞද්ධ දර්ශනය ආරක්ෂා කර ගනිමින් මහා සංඝරත්නයට ගරු කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ මෙහෙයවන බවත් එම පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අවධාරණය කරයි.

ඔහු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ තම පක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සිංහල බෞද්ධ ඡන්ද පදනම අඩු වීමට ප්‍රධාන හේතුවක් වූ බවය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලු නායකයන් ජනාධිපතිවරණය ජයගැනීම සඳහා අවංකව කැප වූ බව ද ඔහු අවධාරණය ක⁣ළේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස