බේරුවල සිංහල මුස්ලිම් ගැටුම නිර්මාණය කළ එවක තම ආණ්ඩුවේ ඇමතිවරු අද ද ඇමතිකම් දරමින් යකඩ මිනිස්සු බවට පත්ව මුස්ලිම් ජනතාව සමග බුරියානි කන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.
එම සිද්ධිය වන අවස්ථාවේ තමා ද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද ලංකාවේ නොසිටි බවත් සිහිපත් කළේය.
මුස්ලිම් ව්‍යාපාරික සහ විද්වත් හමුවක් අමතමින් ඔහු (27) මේ බව සඳහන් කළේය.