බේරුවල පුත්තලම මුස්ලිම් ජනතාවත් වෙසක් සමරයි!

May 18, 2019 at 11:56 am | by admin

බේරුවල යනු බහුතර මුස්ලිම් ජනතාවක් වාසය කරන ප්‍රදේශයකි. එහෙත් සෙසු ප්‍රධාන තලයේ මුස්ලිම් දේශපාලකයන්ට සාපේක්ෂව එහි නගරාධිපතිවරයා මේ රටේ බෞද්ධ සංස්කෘතිය පිළිගන්නා සියලු දෙනා සිංහල භාෂාව උගත යුතු යැයි සිතන අයෙකි.

පාස්කු ප්‍රහාරය සමග මෙවර රට පුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතව පැවති වෙසක් කලාප තොරණ ආදිය මෙවර ප්‍රදර්ශනය නොකළ ද බෞද්ධ ජනතාව සමග කතෝලික මුස්ලිම් ජනතාව වෙසක් සැමරීමට එකතු වී තිබීම යහපත් ප්‍රවණතාවකි.

ඊට සමගාමීව බේරුවල සම පුත්තලම ප්‍රදේශවල මුස්ලිම් ජනතාව වෙසක් කළාප ඉදිකර ඇත. ඊයේ දින පුත්තලම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව පාස්කු ප්‍රහාරයට එරෙහිව විරෝධතාවක් ද සංවිධානය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස