සහල් ආනයනය නතර කරයි! දැනටමත් ඩො. මිලියන 100ක ඉතිරියක්!

February 12, 2020 at 3:50 pm | by emanisa.lk

ලංකාවට සහල් ආනයන නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති නමුත් සහල් ආනයනය නොකිරීම නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වූ බව ජනාධිපති ලේකම්වරයා කැබිනට් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත.

මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, එමගින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක පමණ අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබාදීමට රජය තීරණය කර ඇති අතර වී මිලදී ගැනීම සඳහා ද රජය මගින් වැඩපිළිවෙළක් සකස් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස